Tuesday, September 25, 2018

ඔයාලාට මෙවරත් CHIRATH LIVE IN CONCERT සජිවි ප්‍රසාංගය සජිවිව දැක ගැනිමට හැකියාව තිබෙනවා.. ගිය අවුරුදු වලට වඩා මෙදා පාර ලොකු වෙනස්කම් ටිකක් තියෙනවාලු.. තව ඔහු ඔහුගේ CHIRATH DANCE STUDIO එකේ සියලුම ළමයිගේ දක්ෂතාවයනුත් එම ප්‍රසාංගයෙන් එලිදක්වන්න සුදානමින් සිටින්නේ ... අපි ඒ වැඩේ ගැන පසු ගියදා ඔහුගේ CHIRATH DANCE STUDIO එකටම ගියා දැනගන්න.. එම ප්‍රසාංගයේ වැඩි විස්තර සඳහා ඔහු සමඟ කල සොඳුරු කතාබහ පහලින් නරඹන්න ඔබට දැන් හැකියාව තිබෙනවා... 


Saturday, July 29, 2017


අද ඉදන් දිනපතා විශේෂ සිදුවිම් මගේ  විලොග් ( Vlog ) මගේ යුටියුබ් චැනල් එකෙන් බලන්න පුලුවන් ..

www.youtube.com/lahirudilranga




මෙන්න මගේ පළවෙනි  විලොග් ( Vlog ) එක.. මගේ ෆොන් එකෙන් කලේ... ඉදිරියේදි මෙම විඩියෝවේ තිබෙන යම් යම් අඩු පාඩු ද සකසා ගෙන තවත් විඩියෝ නිර්මාණයන් දැක බලා ගත හැක.

පුලුවන් අය මගේ ෆෙස්බුක් ෆැන් පේජ් එකට ලයික් එකක් දාලාම යන්න. 

Saturday, December 20, 2014

කාලෙකට පස්සේ බ්ලොග් එකේ ලියන මගේ දෙවැනි පොස්ට් එක් අද මම ලියන්නේ.  ඉතින් ඔන්න ගියා මම ආර්ට් ගැලරියේ දෙවන වැඩසටහනට මොකක්ද දන්නවාද ඒ රූපාභිෂේක කොළම්බො 2014 වැඩසටහනටයි..  ඒක තිබ්බේ කිරුලපන සිතුමින ශාලාවේදි..

ඔන්න ඉතින් මම පාන්දර 4ට විතර වගේ නැග්ගා කළුතරින් බස් එකට වෙනදා හෙමින් යන බස් එදා හයියෙන් ගියා 4.45 වෙනකොට දෙහිවල, දෙහිවලින් යාන්තම් බස් එකක් සෙට් වුනා නුගේගොඩට, එතින් බස් එකක් තිබ්බේම නැ එක නිසා ගත්තා රු.100 දිආඅල් ටුක් ටුක් එකක්.



එතනින් බැහැලා බලනකොට කවුරුවත්ම නැ ඉබි දාලා එහෙම තිබ්බේ..  බලාගෙන හිටියා පැයක් විතර ගියා හෙමිහිට පාර පැත්තට අම්මේ ඇති යාන්තම් කියලා තිබ්බා අයිනෙක බංකු කැල්ලක් වාඩියා දාලා හිටියාම ඔන්න ආවා අපේ ලොකු අයියා සජිත් අයියා ඉතින් එයාත් එක්ක ගියා කස්ටියත්  ටක් ටක් ගාලා ආවා ඊට පස්සේ වැඩේට ලැස්ති වෙලා පටන් ගත්තා ෂේප් එකේ 9 වගෙ වෙනකොට..

වැඩේ පටන් අරගෙන ඔහොම ගියා උදේ වරුවේ අතුලා රණරාජා හා හර්ෂ මධුරංග යන මහත්වරුන් අරුත්බර ලස්සන දේශන දෙකක් කරා, අනිත් එවුන් කොහොම වෙතත් මමනම් ඉගෙන ගත්තා නොදෙන හිටපු දේවල් ටිකක්..
ඊට පස්සේ අරා මදු ගගේ සවාරියේයි ( එකටනම් මම ගියේ නැ ) පිටකොටුවේ විදි සවාරියේයි ( මගේ කලින් පොස්ටුව බලන්න ) හොදම ඡායාරුප අතරින් හොදම ටිකට තැගි හා සහතික පත්‍ර ලබා දුන්නා.  පස්සේ හවස් වරුවේ දවල්ට කාලා අලුත්ම අත්දැකිමක් ලබාගත්තා. ඒක මෙහෙම කියන්න බැ ඉස්සරහට මම විඩියෝ එකකින්ම පෙන්වන්නම්.




අපි ඉයේ ගහපු කාණ්ඩායම් ඡායාරුපය මේ තියෙන්නේ.

මේ මම දැන් කියපු කථාව පොඩි විඩියෝ එකකින්.

පුලුවන් අය මගේ ෆෙස්බුක් ෆැන් පේජ් එකට ලයික් එකක් දාලාම යන්න. 

මෙන්න මගේ ආර්ටි ගැලරියේ යහලුවන්ට මඩ සහ ඡායාරුප

Sunday, November 23, 2014

ඔන්න ඉතින් කාලෙකට පස්සේ බ්ලොග් ජිවිතය අලුතින්ම මං පටන්ගත්තා අද ඉදන්.. මුහුණු පොතේ ආර්ට් ගැලරි කාණ්ඩායම විසින් සංවිධානය කරපු විථි ඡායාරුපකරණ ක්ෂේත්‍ර චාරිකාවට මමත් සහභාගි වුනා පසු ගියදා. ඉතින් කස්ටියත් එක්ක අලුත්ම අත්දැකිමට මුහුණ දුන්නා මම. ෆොටො ටොල්ක් 4 න් පස්සේ මේ වගේ අත්දැකිමකට මුහුණ දුන් පළවෙනි අවස්ථාවයි මේ..

ඔන්න ඉතින් එදා උදෙන්ම කළුතරින් පිටත් වුනා පිටකොටුව බලා උදැසන 6.30ට පමණ විට. යන ගමන් පානදුරේන් අපේ ඉෂාන් සහොදරවත් එක්ක සෙට් වෙලා යන්නත් එක්ක පානදුරෙන් බැහලා පැයක් විතර කට්ට කැවා ඒ යකා මෙකප් එක දාලා එනකන් ගෙදර ඉදන්..  ඔන්න ඉතින් දෙන්නා එක්ක සෙට් වෙලා කොටුවට බස් එකෙන් ගියා. 10ට කස්ටියට එන්න කියලා තිබ්බේ යනකොට ඉතින් වෙලා වැඩි වගේ..  ඉතින් ස්ටේෂමේ එහාට මෙහාට ඇවිද ඇවිද හිටියා අපේ ආර්‍ට් ගැලරියේ සජිත් අයියා එනකන් ඔය අතරතුර මගේ නෙතට දසුන් පෙළක් දැක්කා නංගිලා ටිකක් ඇස් පෙන්නේ නැති අන්ධ සියා කෙනෙක්ව බස් එකට නග්ගනවා.කළුතර අපේ පැත්තේ සිරාවට බිම වැටිලා හිටියත් කෙල්ලෙක්නම් බලන්නේ නැ පැත්තක්වත්..

ඊට පස්සේ ඔන්න සජිත් අයියාට කෝල් එකක් දිලා සෙට් වුනා සජිත් අයියා හිටපු පැත්තට. ඊට පස්සේ ඔන්න 10 වුනා විතරයි කස්ටිය හිටු හිටු ගාලා සෙට් වුනා..  ස්ටේෂමේ ඉදාලා අපි පිටත් වුනා පිටකොටුව හරස් විදි දිගේ කස්ටියත් එක්කම ගියා යන එන ගමන් අතර මග හම්බ වෙන දසුන් අපේ කැමරාවෙත් සටහන් කරමින් කස්ටියත් එක්ක ඔන්න ඔහොම කාලය ගෙවුනා දවල් වන විට ගියා අපේ මහින්ද මාමා හදපු පාවෙන වෙළඳ සැලට එතන මුලින්ම අපේ සෙට් එකේ කාණ්ඩායම් ඡායාරුපයක් අරගේන දිවා ආහාරය සදහා වෙලඳ සැලක් වෙතට පියමැන්නා.


" එතනදි කැවා තමයි රු.250ක් දිලා 150ක බත් කැවා.. " ඉතින් එතනත් තිබේන අපුරු දසුන් අපි සියලු දෙනාගේම කැමරාවල සටහන් කරගෙන හවස් යාමය වන විට අපේ කාණ්ඩායමටම හරවත් දේශනය කාර අපේ උපුල් අයියා.. සජිත් අයියා.. සමිර අයියලා.  එදා දවස අලුත් විදියේ අත්දැකිමක් මට. වැඩේනම් සුපිරියටම සංවිධානය කරලා තිබ්බා ආර්‍ට් ගැලරියේ සමිර, සජිත් අයියලා ඇතුලු ඇඩ්මින්වරු.

ආපහු මග බලා සිටින්නේ තවත් ආර්ට් ගැලරියේ වැඩකට සෙට් වෙන්න දෙසැම්බර් 20.

මගේ බ්ලොග් එක කියවන ඔයාටත් පුලුවන් අපේ ආර්‍ට් ගැලරි කාණ්ඩායමත් එක්ක එකතුවෙන්න.. පහත ලින්කුවෙන් වැඩි විස්තර ලබාගන්න..

මගේ කැමරාවේ අහබු ලෙස සනිටුවහන් කරග්ගත්තු පොඩි විඩියෝ කැලි ටිකක් සෙට් කරලා අපේ අත්දැකම පොඩි විඩියෝ එකක් බවට පරිවර්තනය කරා බලන්නකො ඔයාලාත් පහලින්.

මගේ කැමරා ඇසට හසුවුනු දසුන් කිහිපයක් පහලින් නරඹන්න පුලුවන් දැන් ඔයාලටත්.
Subscribe to RSS Feed Follow me on Twitter!