

ඊට පස්සේ ඔන්න සජිත් අයියාට කෝල් එකක් දිලා සෙට් වුනා සජිත් අයියා හිටපු පැත්තට. ඊට පස්සේ ඔන්න 10 වුනා විතරයි කස්ටිය හිටු හිටු ගාලා සෙට් වුනා.. ස්ටේෂමේ ඉදාලා අපි පිටත් වුනා පිටකොටුව හරස් විදි දිගේ කස්ටියත් එක්කම ගියා යන එන ගමන් අතර මග හම්බ වෙන දසුන් අපේ කැමරාවෙත් සටහන් කරමින් කස්ටියත් එක්ක ඔන්න ඔහොම කාලය ගෙවුනා දවල් වන විට ගියා අපේ මහින්ද මාමා හදපු පාවෙන වෙළඳ සැලට එතන මුලින්ම අපේ සෙට් එකේ කාණ්ඩායම් ඡායාරුපයක් අරගේන දිවා ආහාරය සදහා වෙලඳ සැලක් වෙතට පියමැන්නා.

" එතනදි කැවා තමයි රු.250ක් දිලා 150ක බත් කැවා.. " ඉතින් එතනත් තිබේන අපුරු දසුන් අපි සියලු දෙනාගේම කැමරාවල සටහන් කරගෙන හවස් යාමය වන විට අපේ කාණ්ඩායමටම හරවත් දේශනය කාර අපේ උපුල් අයියා.. සජිත් අයියා.. සමිර අයියලා. එදා දවස අලුත් විදියේ අත්දැකිමක් මට. වැඩේනම් සුපිරියටම සංවිධානය කරලා තිබ්බා ආර්‍ට් ගැලරියේ සමිර, සජිත් අයියලා ඇතුලු ඇඩ්මින්වරු.
ආපහු මග බලා සිටින්නේ තවත් ආර්ට් ගැලරියේ වැඩකට සෙට් වෙන්න දෙසැම්බර් 20.
මගේ බ්ලොග් එක කියවන ඔයාටත් පුලුවන් අපේ ආර්‍ට් ගැලරි කාණ්ඩායමත් එක්ක එකතුවෙන්න.. පහත ලින්කුවෙන් වැඩි විස්තර ලබාගන්න..
මගේ කැමරාවේ අහබු ලෙස සනිටුවහන් කරග්ගත්තු පොඩි විඩියෝ කැලි ටිකක් සෙට් කරලා අපේ අත්දැකම පොඩි විඩියෝ එකක් බවට පරිවර්තනය කරා බලන්නකො ඔයාලාත් පහලින්.
මගේ කැමරා ඇසට හසුවුනු දසුන් කිහිපයක් පහලින් නරඹන්න පුලුවන් දැන් ඔයාලටත්.
නියම වැඩක් ලහිරු :)
ReplyDeleteThanks Machan
Deleteමේකේ මන් ගැනත් ලස්සන කතාවක් තියෙනවා.... සතුටුයි :D :) :3
ReplyDeleteElakiri !
Delete