
ඔන්න ඉතින් මම පාන්දර 4ට විතර වගේ නැග්ගා කළුතරින් බස් එකට වෙනදා හෙමින් යන බස් එදා හයියෙන් ගියා 4.45 වෙනකොට දෙහිවල, දෙහිවලින් යාන්තම් බස් එකක් සෙට් වුනා නුගේගොඩට, එතින් බස් එකක් තිබ්බේම නැ එක නිසා ගත්තා රු.100 දිආඅල් ටුක් ටුක් එකක්.

වැඩේ පටන් අරගෙන ඔහොම ගියා උදේ වරුවේ අතුලා රණරාජා හා හර්ෂ මධුරංග යන මහත්වරුන් අරුත්බර ලස්සන දේශන දෙකක් කරා, අනිත් එවුන් කොහොම වෙතත් මමනම් ඉගෙන ගත්තා නොදෙන හිටපු දේවල් ටිකක්..
ඊට පස්සේ අරා මදු ගගේ සවාරියේයි ( එකටනම් මම ගියේ නැ ) පිටකොටුවේ විදි සවාරියේයි ( මගේ කලින් පොස්ටුව බලන්න ) හොදම ඡායාරුප අතරින් හොදම ටිකට තැගි හා සහතික පත්‍ර ලබා දුන්නා. පස්සේ හවස් වරුවේ දවල්ට කාලා අලුත්ම අත්දැකිමක් ලබාගත්තා. ඒක මෙහෙම කියන්න බැ ඉස්සරහට මම විඩියෝ එකකින්ම පෙන්වන්නම්.
අපි ඉයේ ගහපු කාණ්ඩායම් ඡායාරුපය මේ තියෙන්නේ.

මේ මම දැන් කියපු කථාව පොඩි විඩියෝ එකකින්.
පුලුවන් අය මගේ ෆෙස්බුක් ෆැන් පේජ් එකට ලයික් එකක් දාලාම යන්න.
මෙන්න මගේ ආර්ටි ගැලරියේ යහලුවන්ට මඩ සහ ඡායාරුප
නියමයි ළහිරු මල්ලි
ReplyDeletethnx ayye
Delete